Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම්වරිය මාතර රෝහලේදී හදිසියේ අවසන් ගමන් යයි!

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඊයේ  (23) මාතර මහ රෝහලේදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

මාතර පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ගර්භණී මාතාවක වූ ඇය රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කර ගැනීම සඳහා ඇය අද මාතර මහ රෝහලට පැමිණ ඇති බවය.

එම රුධිර පරීක්ෂණ සිදු කරන අතරතුර ඇයට හදිරියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසුව හදිසියේ මරණයට පත්ව ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

1985 වර්ෂයේ උපන් ඇය මියයන විට 35 වැනි වියේ පසුවූවා ය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති අතර මෘත ශරීරයෙන් ලබා ගන්නා ලද කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

2012 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසි නදී ජයවික්‍රම මහත්මිය සිය මුල් පත්වීම ක්‍රීඩා අමාත්‍යංශයේ ද, අනතුරුව 2013 වර්ෂයේ වැලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද, 2016 වර්ෂයේ තිහගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද කටයුතු කළ ඇය 2017 වර්ෂයේ සිට අභාවප්‍රාප්ත වනතුරු මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් වශයෙන් කටයුතු කළා ය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24) සවස 5.00 ට මාතර පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

උපුටා ගැනීම : www.mawbima.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/3ks0sVI
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();