Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිරින් වෙනත් පළාත්වලට ගිය අය සති දෙකක් නිරෝධායනයට

ඉකුත් 29 සහ 30 දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 
 
මෙය ඔවුන්ට දඩුවමක් ලෙස පනවන ලබන දෙයක් නොවන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
එසේම ෆේස්බුක් හා අන්තර් ජාලය හරහා ඇතැම් අය බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට ගිය බවට සිදු කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් අන්තර් ජාලය හරහා තාක්‍ෂණික මෙහෙයුමක් සිදු කර එම පිරිස් සොයා ගැනීමට ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();