ලෝක ප්‍රකට කොලොම්බියානු ජාතික ගායිකාවක් වන ෂකිරා හා ඇයගේ පෙම්වතා වන ස්පාඤ්ඤ ජාතික ලෝක කුසලාන පාපන්දු කිරුළ 2010 දිනු කණ්ඩායමේ සාමාජිකත්වය දරූ මෙන්ම, සුප්‍රකට බාසිලෝනා පාපන්දු පිලේ සාමාජික ජෙරාඩ් පිකේ හා ඔවුන්ගේ දරුවන් දෙදෙනාත් අගෝස්තු 18 දින පුද්ගලික ජෙට් යානයකින්, මාලදිවයිනේ දින 10 සංචාරයක් සදහා පැමිණ ඇත.
දැනට 42 වියේ පසුවන ෂකිරා වඩාත් ප්‍රසිද්ධයට පත් වුයේ 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා යොදා ගත් `waka waka`ගීතය ගායන කරමිනි.
එම ගීතය ගායනා කිරීමත් සමග ලොව පුරා සැමගේ ආකර්ශනය හා ආදරය ෂකිරා දිනා ගන්නා ලදී. 2010 දී එම ලෝක කුසලානයේදී ගීතය නිර්මාණය කරන අතරතුර මුණ ගැසුණු ස්පාඤ්ඤ ජාතික 32 හැවිරිදි ජෙරාඩ් පිකේ හා ආදරයෙන් බැදුණු ෂකිරා මේ වනවිට සුරතල් පුතුන් දෙදෙනෙකුගේ ආදරණිය මවකි.
කුඩා දරුවන් දෙදෙනා වයස 06 හා 04 වියෙහි පසු වේ.ෂකිරා හා ජෙරාඩ් පිකේ හා ඔවුන්ගේ දරුවන් දෙදෙනාත් ඉදිරි දින 10 මාලදිවයිනේ රැදී සිටිනු ඇත.

0 Comments