අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් 03 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද ( 20) නියම කරන ලදි.
සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
යළි නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා නැමැත්තා ද මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කළ අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කෙරුණි.

0 Comments