Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් පොලිස් ජාවාරමක් එළියට - ඊයේ ඇල්ලූ ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය තොගය පාතාලයට දී ඇත්තේ පොලිසියෙන්මයි

ටී-56 ගිනිඅවි දෙකක් ඇතුළු ගිනිඅවි හතරක් එම උණ්ඩ සහ කිලෝ 11කට අධික හෙරොයින් තොගයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කණ්ඩායමක් විසින් රත්ගම ප්‍රදේශයේදී ඊයේ (25දා) සොයාගෙන ඇත්තේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් දකුණේ පාතාල නායක පොඩි ලැසීගේ කල්ලියට විකුණා තිබූ ආයුධ සහ මත්ද්‍රව්‍ය බව වාර්තා වනවා.

ටී-56 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 82ක් සහ රිවෝල්වර් 2ක් සහ මිලිමීටර් 9 ගිනිඅවි සඳහා යොදන උණ්ඩ 39ක් මෙලෙස සොයාගෙන ඇත. මීට අදාළව සැකකරුවකුද අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ව සිදු කළ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ජාවාරමට අදාළව සිදුවන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකවරයකුගේ සබඳතා මත මෙම ටී-56 ගිනිඅවි සහ හෙරොයින් පොඩි ලැසීගේ කල්ලියට ලබාදී සඟවා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.


අත්අඩංගුවේ පසුවන සැකකරුවකුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත මෙම වැටලීම සිදුකර තිබුණා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();