Ticker

6/recent/ticker-posts

Header Ads Widget

"අවදානමට පෙර සූදානම් වෙන්න" ඇමති ඩලස් ගෙන් ලං.වි.ම. ට උපදෙස්

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
 
සමස්ත දිවයිනටම බලපාන අයුරින් පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවූ අවස්ථාවේදී මෙම උපදෙස් දී තිබේ.
 
සමස්ත දිවයිනේම විදුලිබල සැපයුමේ ස්ථායිතාවය සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන මධ්‍යස්ථානය නිරන්තරයෙන් සුරක්ෂිත වියයුතු අතර රටේ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක හා සංවේදී මධ්‍යස්ථානයක් නිසි අයුරින් රැකගැනීම ජාතික වගකීමක් බවත් විෂයභාර අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
ඒ අනුව දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාද දැනුවත් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();