මේ වන විට 2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක් හිමි සෑම පුද්ගලෙයකුම තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි
ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් හමුවී බී.සි ආකෘති පත්‍රය පුරවා භාර දිය යුතුය.
පසුගියදා මහා මැතිවරණය හේතුවෙන් මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු කල් දැමීමට සිදුවු බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
ඒ අනුව මෙම ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සිදුකිරිමට නියමිතය.

0 Comments