වැලිගම නගර සභාවේ නගරාධිපති රෙහාන් ජයවික්‍රම  වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්  ලිඛිතව දන්වා ඇතැයි රෙහාන් ජයවික්‍රම  පවසයි.

රෙහාන් ජයවික්‍රම මේ බව පවසා සිටියේ වැලිගම නගර සභාවෙන් තමා ඉවත් කළ බව එජාප මහ ලේකම්වරයා දැන්වූ බව මාධ්‍යය දැනුවත් කිරීමට පැවැති මාධ්‍යය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් රෙහාන් ජයවික්‍රම  පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැන් කළ යුත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට නායකත්වය භාර දීමයි. එසේ කළ නොහැකිනම් එක්සත් ජාතික පක්ෂ නායකත්වය කළ යුතු වන්නේ කරු ජයසූරියට නායකත්වය භාර දීමයි බවයි.

The post වැලිගම නගරාධිපති තනතුරෙන් පහ කෙරේ. appeared first on Lanka News Column.