Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු පොපි මල ජනපතිට

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හට පැළඳවීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
 
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපි මල පළඳවනු ලැබීය.
 
ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වර්ෂ 1944 සිට වසරක් පාසා පොපි මල් දිනය සංවිධාන කරයි.
 
ඉන් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහා වැය කෙරේ.
 
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය කොවිඩ් 19 අරමුදල සඳහා රුපියල් මිලියනයක පරිත්‍යාගයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.
 
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, පොපි සැමරුම් කමිටු සභාපති ගෘප් කපිතාන් කුමා කිරින්දේ යන මහත්වරු ඇතුඵ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();