Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැටලීම් වලට බියේ ඩුබායි පනින්න ගිය පාතාලයේ 4ක් ගුවන්තොටින් අල්ලයි!

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම් සහ අපරාධයන්ට සම්බන්ධ බව කියන වැල්ලේ සාරංග ඇතුළු සිව්දෙනකු කටුනායක ගුවන්තොටුපොළින් ඩුබායි බලා පැන යාමට සූදානම් වෙද්දී කොළඹ අපරාධ කොට්ටාසය මගින් ඊයේ (23වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් යානය ඩුබායි බලා යාමට පැය භාගයක් තිබිය දී ලද ඔත්තුවක් මත ගොස් මෙම වැටලීම කර ඇත.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විසිනවයක මුදල් හා රන් ආභරණ ද සොයා ගෙන තිබේ. මුදල් ළඟ තිබී ඇත්තේ අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව කියන බුද්ධික නමැති වැල්ලම්පිටියේ පදිංචි අයකු සන්තකයේය.

වැල්ලම්පිටිය පදිංචි සුබීර් නමැති හංවැල්ල මහජන බැංකු කොල්ලයේ සැකකරුවකු ද මේ අතර සිටින බව පොලිසිය කියයි. මෙම සැකකරුගේ නඩු තීන්දුව මෙම සැප්තැම්බරයේ දී ලබා දීමට නියමිතව ඇත.

ප්‍රංශයේ සිට කේරළ ගංජා ජාවාරම මෙහෙයවන අපරාධකරුවකු වන රූබන් නමැත්තා සමග ඔවුන් සබඳතා පවත්වා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

කාලයක් තිස්සේ මෝදර කේන්ද්‍ර කරගත් අපරාධ මත්ද්‍රව්‍ය ගැටුම්වලට මෙම සාමාජිකයන් සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

මේ පිරිස තමන්ගේ නමින්ම ගුවන් ගමන් බලපත්‍රවලින් විදේශගත වීමට පැමිණ තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා



from රට තොට – Colombo Tribune https://ift.tt/2EnJEzk
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();