Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයින් ගණන 2959ක් වෙයි

ඊයේ (24) දිනයේ තුළ නව කොවිඩ් රෝගීන් හය දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2959 දක්වා ගොස් තිබේ.
 
ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
 
එසේම මාලදිවයින, සිංගප්පූරුව, ඉන්දුනීසියාව යන රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.
 
ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික වෙළෙඳ නාවිකයෙකු ද, කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
 
ඒ අනුව මේ වන විට රෝගීන් 136 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන අතර රෝගීන් 2811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සඳහන්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();