හක්මන – කොංගාල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ටිපර් රථයක් ඊයේ (13) රාත්‍රියේ පලා ගොස් තිබේ.
මෙම අනතුරෙන් කොස්තාපල්වරයා මියගොස් ඇති අතර ඔහු 36 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව පොලිසිය පවසයි. ඔහු හක්මන පොලිසියට අනුයුක්ත නිලධාරියෙකි.
අනතුරෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර ඇත.
පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සදහා හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

0 Comments