රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරේ.
ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක්, යාය 03 – 04 – 05 සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා අද සිට ඉවත් කෙරෙනු ඇත.
පසුගිය 13 වනදා සිට රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සංචරණ සීමා පැණවීමට පියවර ගැණුනි.
ඒ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි අනාවරණවීමත් සමගයි.

0 Comments