එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන්‌සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වෙයි.
ඊට අමතරව අද අලුයම 4.40 ට ජපානයේ නරිටා සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන්‌සේවයේ යූ.එල්. 455 දරණ ගුවන් යානයෙන් ද එරට රැදී සිටි ශී ලාංකිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්‌තොටුපළ වෙත පැමිණ තිබුණි.
එමෙන්ම අද (10) දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාරී ගුවන් සේවයට අයත් කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් විදේශිය නැවක සේවය කළ නාවිකයන් 24 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි මොවුන් සියලු දෙනාම පී.සී.ආර්.පර්ක්ෂණ සදහා යොමු කර තිබුණි.
0 Comments