එජාප අපේක්ෂක නවින් දිසානායක
මෙවර මහා මැතිවරණයේ දී එජාප පාක්ෂිකයෝ අලියා ලකුණෙන් පිට ඡන්දයක් දෙන්නේ නෑ කියා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පසුගිය දා කොත්මලේ පැවති හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද පැවසීය.
සජිත් ප්‍රේමදාසට බලාපොරොත්තු, සිහින තියාගන්න පුළුවන්. නමුත් සිහින සැබෑවෙන එක වෙන කතාවක්. ඹහුගේ අගමැති අපේක්ෂක සිහිනයට මිනිස්සු තීරණයක් දෙයි අගෝස්තු 5 වෙනි දා. එක්සත් ජාතික පාක්ෂිකයෝ අලියා ලකුණෙන් පිට ඡන්දයක් දෙන්නේ නෑ කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. වතුකරයේ කම්කරු ජනතාවගේ පැහැදිලි කැමැත්ත අලියා ලකුණට, එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් දීම. එම නිසා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ අලුත් සභාපති ලෙස මට විරුද්ධව දිගම්බරම් මහතා බොරු ප්‍රචාර ගෙනියනවා. ඒ අනුව මම රුපියල් දහසක දීමනාවට විරුද්ධ වුණා කිව්වට ඇත්ත වශයෙන්ම එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ ගැන තීරණය ලැබෙන්නේ වතු සමාගම් හා වෘත්තිය සමිති අතර තියෙන සාකච්ඡා වලින්. ඒකට මට කිසිම බලපෑමක් කරන්න බෑ. කෙසේ වුවත් රුපියල් 1,000ක් දක්වා පඩි වැඩි කර දීමට ලංකා කම්කරු ජාතික සංගමයේ සභාපති ලෙස ඉදිරියේ දී මා කටයුතු කරනවා. අලුත්ගමගේ හිටපු ඇමැතිවරයා කිසිම පදනමක් නැතුව ඉදිරිපත් කළ චෝදනා අද නිශ්ඵල වෙලා. ඒ නිසා ඔහුට එහි වගකීම බාර ගන්න සිද්ධ වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් මේ විදියට අපහසුතාවට පත්කිරීම පිළිකුල් සහගතයි.
හැටන් - චන්දන ජයවීර
0 Comments