Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු කොරියාවේ අපනයන අඩු වී ආර්ථිකය දරුණු වැටීමක

කොරෝනා වසංගතය නිසා දකුණු කොරියාවේ අපනයන අඩු වී ගොස් ආර්ථිකය දරුණුතම වැටීමට ලක් වී තිබේ. එරට දළ ජාතික නිෂ්පාදනය කළින් වසරට වඩා සියයට 2.9කින් පහළ වැටී ඇති අතර එය 1998ට පසු ඇති වූ දරුණුතම වැටීමකි. රටේ ආර්ථිකයෙන් සියයට 40ක් වන අපනයන වැඩිම වශයෙන් පසුබෑමට ලක් වී ඇති ක්ෂේත්‍රයක් වන අතර 1963න් පසු ඇති වූ දරුණුතම වැටීම මෙවර දක්වයි.

නිල සංඛ්‍යා ලේඛන අනුව ජපානය සහ සිංගප්පූරුවද ආර්ථික පසුබෑමකට ලක් වී තිබේ. කෙටි කාලයක් ඇතුළත රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වනු ඇතැයි දකුණු කොරියාවේ මුදල් ඇමැති හොන් නැම් කී විශ්වාසය පළ කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();