බෙංගාල ක්‍රිකට් සංගමයට අයත් ලොව විශාලම ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන ඉන්දියාවේ කොල්කටාහි පිහිටා ඇති ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය පොලිස් නිලධාරීන් සඳහා තාවකාලික නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කර තිබේ.
කොල්කටා පොලිස් කොමසාරිස්වරයාගේ ඉල්ලීමකට අනුව එම ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රේක්ෂකාගාරයේ ඊ, එෆ්, ජී, එච් සහ ජේ යන කොටස් මෙලෙස පොලීසිය වෙත ලබා දී ඇත.
කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතින් ඉන්දියාව ලොව දෙවැනි තැනට පත්ව සිටින අතර, මේ අර්බුදකාරී මොහොතේ බලධාරීන්ට සහාය වීම යුතුකමක් ලෙස සලකා මේ ක්‍රීඩාංගණය භාවිතා කිරීමට ලබා දුන් බව බෙංගාල ක්‍රිකට් සභාපති අවිෂේක් ඩල්මියා පවසයි.

0 Comments