
බලංගොඩ, රාවණා කන්ද ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් අමානුෂික ලෙස අපයෝජනය කර සිටිය දී, බලංගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙමාපියන් විසින් පොලීසියට දැරිය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කර ඇති අතර, පසුදින දැරිය සිටින ස්ථානයක් පිළිබඳව ද දෙමාපියන්ට දැනගැනීමට ලැබී ඇත. ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කළත් ඔවුන් දැරිය ඇති ස්ථානයට නොගිය බැවින් තමා හා තවත් පිරිසක් අදාළ ස්ථානයට ගිය බව මියගිය දැරියගේ පියා පවසයි.
The post අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි. appeared first on Lanka News Column.
0 Comments