සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යමය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත
තරඟාවලිය ආරම්භ කිරීමට සති දෙකකට පෙර ක්‍රීඩකයන් සති දෙක්ක නිරෝධායන වී සිටීම ඇතුළු අනුගමනය කළ යුතු නීති මාලාවක් ඉන්දීය එක්ස්ප්‍රස් වේබ් අඩවිය ඊයේ (30) වාර්තා කර ඇත
තරඟාවලියට පෙර සති දෙකක් නිරෝධායනයට ලක් වීම,කොවිඩ් 19 පරීක්ෂණ හතරකට පෙනි සිටිය යුතු බව ද සඳහන් වී ඇත.
කෙසේ වෙතත් තරඟය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර හිමි නොවෙයි
තරඟයෙන් පසුව පැවැත්වෙන ත්‍යාග ප්‍රධාන උත්සවය ද සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය.
ක්‍රීඩා විවේකාගාරය තුළ ද ක්‍රීඩකයන් 15 කට වඩා නොසිටිය යුතු බව ද සඳහන් වෙයි

0 Comments