සිය අභියෝගාත්මක පන්දු යැවීමෙන් සත්කාරක එංගලන්ත පිලේ පිතිකරුවන් අසරණ කළ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේගපන්දු යවන ෂැනොන් ගේබ්‍රියෙල් දෙපිල අතර එංගලන්තයේ සදම්ප්ටන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ පෙරවරුවේ දීම ඊයේ සිය කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය පහසු කර දුන්නේය.
ඊයේ දිනයේ තරගය අරඹන විට කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටි එංගලන්ත පිලේ ඉතිරි කඩුලු 2ක බිඳ දැමීමට කොදෙව් පිලට වැය වූයේ ඕවර 7කුත්, පන්දු 2ක් පමණි.
ඒ අනුව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 313කට සීමා වූ අතර, කොදෙව් පිලේ ඉලක්කය ලකුණු 200ක් විය. මේ ඉලක්කය පසු කිරීමට ඊයේ දිනයේ කොදෙව් පිලට ඕවර 85ක් ඉතිරිව තිබිණි.
එංගලන්ත පළමු ඉනිමේදි කඩුලු 4ක් දවාලු ගේබ්‍රියෙල් ඊයේ බිඳ වැටුණු කඩුලු 2ම අත් කර ගනිමින් කඩුලු 5 සම්පූර්ණ කළ අතර, එය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාලු 6 වැනි අවස්ථාව විය.
කොවිඩ් වසංගතයෙන් පසු ලොව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වන මේ තරගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් නීති රෙගුලාසිවලට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දී ඇති උපදෙස් මාලාව යටතේ පැවැත්වේ. ඒ අනුව තරගය නැරැඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක් නැත.

0 Comments