Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’රෝවරය අඟහරු වෙත

31 ජූලි, 2020

අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කලේය.

ඒ, නව රෝවරයක් අගහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින්.

‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අගහරු මෙහෙයුම නම් කර තිබේ.

රෝවරය අගහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම අමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50 ට ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරිණ.

මාස 7 ක ගමනකින් අනතුරුව එය අගහරු වෙත ළගා වනු ඇතැයි අපේක්‍ෂිතයි.

සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් මෙම රෝවරය මගින් අගහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබේ.

එසේම අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්‍ෂිතයි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අගහරු පිළිබද දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();