කොරෝනා වසංගතය හමුවේ ලෝකය නව අනතුරුදායක අදියරකට එළඹෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
වෛරසය තවමත් කලාප කිහිපයක වේගයෙන් පැතිර යන බව සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි. එය බරපතල තර්ජනයක් බව ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත.
එසේම දිර්ඝ කාලයක් නිරෝධායන සීමාවලට කොටු වී සීටීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට හා වෙහෙසට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට ලොව පුරා පුද්ගලයින් 454,000 කට වැඩි පිරිසක් වෛරස තත්ත්වයෙන් මියගොස් මිලියන 8.4 ක් ආසාදනය වී ඇත. මෙම වෛරසය අමෙරිකාව හා ආසියාවේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතී.
රෝගය පැතිරීම පාලනය සඳහා පනවා ඇති වසා තැබීමේ නීති හේතුවෙන් ආර්ථික හානි ඇතිව තිබෙන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ වසංගතය තවමත් විශාල තර්ජනයක් වී ඇති බවයි.
0 Comments