ඉන්දීය සහ චීන සෙබළුන් අතර හිමාල දේශසීමාවේ හටගත් ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ගැටුමෙන් චීන සෙබළුන් 43 දෙනෙකු මරණයට පත්ව හෝ බරපතළ තුවාල ලබා ඇත.
දෙරට අතර පවතින දේශසීමා අර්බුද ඉකුත් දශක 3ක කාලය තුළ සිදු කෙරුණු සාකච්ජාවලින් ද විසඳිය නොහැකි විය.
වසර 45 කට පසු චීන – ඉන්දියා දේශසීමා ආශ්‍රිතව ඇති වූ බරපතළම ගැටුම මෙය වේ.
චීන – ඉන්දියා දේශසීමාවේ ලඩක්හිදී සිදු වූ ගැටුමෙන් අවම වශයෙන් ඉන්දීය සෙබළුන් 20ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බී.බී.සී ලෝක සේවය පවසයි.
ඉන්දීය හමුදාව මුලින් සඳහන් කළේ, ලඩක්හි සිදු වූ මෙම ගැටුමෙන් තම දෙපාර්ශවයේම සෙබළුන් මිය ගිය අතර ඊට ඉන්දීය සෙබළුන් තිදෙනෙකු ඇතුළත් බවය.
එලෙස මියගිය අය අතරට ඉන්දීය හමුදාවේ කර්නල්වරයකු ද අයත් බවට වාර්තා විය.
චීනය චෝදනා කළේ, ඉන්දියාව දේශසීමා උල්ලංඝණය කරමින් සිය සෙබළුන්ට පහරදුන් බවය.
සිය සෙබළුන් මියගියේ වෙඩි වැදීමෙන් නොව ගල් සහ බැටන් ප්‍රහාර එල්ලවීමෙන් බව ඉන්දියාව ප්‍රකාශ කළේ ය.
0 Comments