පොළොන්නරුව, අලුත්වැව ජලාශයේ ඔරු පැදීමට ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු ඔරුවෙන් වැටී බරපතල තත්ත්වයෙන් පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇත.
ඊයේ(12) දහවල් 1.00ට පමණ මෙය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ පොළොන්නරුව - වීරපෙදෙස පදිංචි අයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද(13) සිදු කෙරෙන අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0 Comments