Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ කණ්ඩායමේ හතර දෙනෙක් එකපාරට රැල්ලකට අහුවෙලා ගහගෙන ගියා

සිද්ධිය ඇසින් දුටුවෝ කියති

නොදන්වා එන අපි නොදන්වාම යන්න යන්නේ උපන් සැමට මරණය පොදු ධර්මතාවක් බව පසක් කරමිනි.

උස්වැටකෙයියාව පුබුදුගම හඬවමින් පෙරේදා (20) සවස ලද ආරංචිය වුණේ සතිඅග සෙනසුරාදා ඉතාම ප්‍රීතියෙන් ප්‍රීතිපුර වෙරළට දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් වයසේ දරුවන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකු සැඩරළ පහරට හසු වී මරණයට පත්ව ඇති බවය.

පුබුදුගම කලඹවමින් ලද අසුබ ආරංචිය ඇසූ සියල්ලෝම වත්තල හැඳල දික්ඕවිට මුහුදු තීරය අසළට එන විටද නාවික හමුදාවත් ප්‍රදේශවාසීන් කීපදෙනකුත් වත්තල පොලීසියත් එක්ව මළසිරුරු සොයමින් සිටියහ.

20 වැනිදා සවස 3.00ට පමණ සිදුවූ මේ අනපේක්ෂිත සිදුවීමෙන් තාරුෂා ප්‍රනාන්දු (16), සවනි සුලෝචනා (19) සහ සංජීව ප්‍රියදර්ශන (30), ශෂිකුමාර සජිත් සදරුවන් (14) යන සිවුදෙනා සැඩපහරට ගොදුරුව ජීවිතයෙන් සමුගෙන ඇත.

ඉකුත් 20 දා සවස කදාන පුබුදුගම ප්‍රදේශයේ පිරිසක් ලොරි රථයකින් වත්තල වෙරළපාර දික්ඕවිට මුහුදු තීරයට දිය නෑම සඳහා පැමිණ සිටියදී මේ ඛේදවාචකය සිදුව තිබේ. වෙරළ රළ පහර තරමක් ප්‍රචණ්ඩව තිබියදී පැමිණි පිරිස වෙරළ තිරයේ ඇති ජලය පිරි බේසමක් වැනි ස්ථානයක දිය නාමින් සිට ඇත. එම අවස්ථාවේ දී එක්වරම පැමිණි විශාල රළ පහරකට හසුව පැමිණි කණ්ඩායමේ පස් දෙනකු මුහුද දෙසට ඇදී ගොස් තිබේ. පැමිණි පිරිසගේ විලාපය සමඟ ප්‍රදේශවාසීන් පිරිසක් තෙප්පමක නැගී මුහුද දෙසට ඇදී ගිය පිරිසෙන් තිදෙනකු ප්‍රථමයෙන් ගොඩට රැගෙන පැමිණිය ද ඒ වන විට ඉන් එක් අයකු මියගොස් තිබී ඇති අතර ගිලන් රථයක් මඟින් ඔවුන් රෝහල්ගත කිරීමට ක්‍රියා කර ඇත. එහිදී එක් අයකු මියගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් විසින් දිය රළ අතර මියගොස් සිටි ඉතිරි දෙදෙනා සොයාගෙන ඇත.

මියගිය සිවුදෙනා ගෙන් තිදෙනෙක් පුබුදුගම පදිංචිකරුවන් වන අතර සංජීව ප්‍රියදර්ශන නමැති තරුණයා හෝකන්දර අරංගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු දක්ෂ වෙල්ඩිං බාස් කෙනකු වන අතර සබන් සෑදීමට උපයෝගී කරගන්නා යන්ත්‍රයක් සවිකිරීම පිණිස පුබුදුගමට පැමිණ සතිඅග නිවාඩු දිනයේ මුහුදේ නෑමට ගොස් ඇත.

පුබුදුගම සිට ලොරියකින් උස්වැටකෙයියාව මුහුදු තීරයට පැමිණ ඇති මේ කණ්ඩායමේ සිටි සංජීව රළපහරට ගොදුරුව ඇත්තේ තමන් සමඟ පැමිණි කණ්ඩායමේ කීපදෙනෙක් රළපහරට අසු වී ගසා ගෙන යන විට ඔවුන් බේරා ගැනීමට යාමෙනි.

“අපේ කණ්ඩායමේ හතර දෙනෙක් එකපාරට රැල්ලකට අහුවෙලා ගහගෙන ගියා. අපි උදවු ඉල්ලලා කෑගැහුවා. කවුරුත් එන්න කලින්ම සංජීව මාමා මුහුදට පැන්නා. එකපාරටම එයත් රළ පාරට ගහගෙන ගියා යැයි පුබුදුගම සිට දිය නෑමට පැමිණි සිද්ධිය ඇසින් දුටුවෝ කියති . පමුණුගම පොලිස් වසමට අයත් ස්ථානයකින් මුහුදට බැස ඇති බව කියන මේ පිරිසගේ සිරුරු වත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් උස්වැටකෙයියාව දික්ඕවිට ප්‍රදේශයේ දී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගෙන ඇත. මේ පිරිස සමඟ පැමිණි තවත් එක් කාන්තාවක් දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා දැනට රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

20 වැනිදා සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අයගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය රාගම රෝහලේ දී සිදු කර ඇත.

වත්තල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

රාගම සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();