Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්.

කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රිය අනතුරකට පත්ව ඇත්තේ දේශපාලන පුත්‍රයෙකු විසින් පදවන ලද රථයක ගැටිමෙන් බව හෙළි වී ඇත. අදාල ඩිපෙන්ඩර් රථය පදවා ඇත්තේ මේ නීති සිසුවෙකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්තයි.

මෙම පුද්ගලයා අනුරුද්ධ රත්වත්ත පවුලේ ඥාති පුත‍්‍රයෙකු වන අතර රිය පදවන අවස්ථාවේ බීමතින් යුතුව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇත කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ ඥාති සබඳතා ගැන සොයා බැලීමක් සිදු නොකරන බවයි.

අදාල අනතුර සම්බන්ධයෙන් සියළුම කටයුතු නීත්‍යානුකූල සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේය.

The post පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();