Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා නිසා වැසුනු වැලිසර නාවික හමුදා කඳවුර හෙට විවෘත කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර හෙට(23) විවෘත කරනු ලබන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය. 
 
නාවික හමුදා සාමාජිකයින් අතරේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් ඉකුත් අප්‍රේල් මස 27 වෙනිදා වැලිසර නාවික හමුදා කඳවුර වසා දැමූ අතර එහි සිටි පිරිස් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබුණි.
 
කොරෝනා වෛරසයේ බලපෑමක් නොමැති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නාවික හමුදාපතිවරයට සිදුකළ ලිඛිත තහවුරු කිරිමෙන් අනතුරුව හෙට දිනයේදී වැලිසර නාවික හමුදා කඳවුර මෙහෙයුම් සඳහා යලි විවෘත කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();