බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ පිහිටි ලාදුරු රොගීන් රැඳවු දූපතට මාරු කර යැවීමට රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
සෞඛ්‍ය අංශවලින් මේ වන අදාල දුපත බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට අදාළ දූපතේ ලාඳුරු රෝගීන් දෙදෙනෙකු පමණක් සිටින අතර ඔවුන් ද සුවය ලබමින් සිටින බවද වාර්තා වේ.

0 Comments