Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිරුණිකාට නොතීසි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ජූලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණය අද (17) නොතීසි නිකුත් කළේය. ඒ දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට  එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙනි.

අද දින මෙම  නඩුව මහාධිකරන විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ කැදවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයේ පෙනී සිටියේ නැත. එබැවින් අද දිනම සිතාසි නිකුත් කිරීමට මහාධිකරණය නියෝග කරන ලදී.

The post හිරුණිකාට නොතීසි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();