Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.
 
පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය.
 
ත්‍රීරෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසීමට එම පුද්ගලයා සුනිල් ජයවර්ධන සහ තවත් අයෙකු අදාළ ලීසිං සමාගමේ කාර්යාලය වෙත ඊයේ (10) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී කිසියම් බහින් බස්විමක් සිදුවී ඇත.
 
මෙහිදී සුනිල් ජයවර්ධන මහතාට කිසියම් අයෙකු පොල්ලකින් පහර දී ඇති අතර තුවාල ලැබූ ඔහු කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
 
බරපතල තුවාල ලබා සිටි 53 හැවිරිදි ඔහු එහිදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();