ගතවූ දින දෙක තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.
මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඊයේ (21) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබීමත් සමග දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ලක්ෂයකට ආසන්න පි.සි.ආර් පරික්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
0 Comments