Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලන්ඩනයේ විරෝධතාවල නිරත සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

සෙනසුරාදා(13) ලන්ඩනයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.
 
එරට ස්මාරක ආරක්ෂා කරන බව පවසමින් දහස් ගණනක් එක්රැස් වීමෙන් පසුව උද්ඝෝෂකයින් විසින් පොලීසියට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි 
 
මේ අතර අගමැති බොරිස් ජොන්සන් පවසන ලද්දේ “ජාතිවාදී මැරයන්ට අපේ වීදිවල තැනක් නැහැ.” යනුවෙනි.
 
2017 වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරයෙන් මියගිය බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරි කීත් පාමර්ගේ ස්මාරකයක් අසල මිනිසෙකු මුත්‍රා කිරීමක් සම්බන්ධයෙන්ද මේවන විට පරීක්ෂණයක් සිදු වෙමින් පවතී.
 
පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ සහ රට පුරා සාමකාමී වර්ගවාදී විරෝධතා ගණනාවක් පැවැත්විණි.
 
කෙසේ නමුත් පාමර්ගේ අනුස්මරණ ස්මාරකය “අවමානයට ලක් කිරීම  අතිශය ලැජ්ජා සහගත” බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් පවසා තිබුනි.
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();