Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපිරි ටෙනිස් ක්‍රීඩක දිමිත්‍රොව්ට කොවිඩ් වයිරසය ආසාදනය වෙයි

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 19 වැනි තැන පසුවන බල්ගේරියානු ජාතික ටෙනිස් ක්‍රීඩක ග්‍රිගෝර් දිමිත්‍රෝව් කොවිඩ් වයිරසය ආසාදිතයකු බව තහවුරු වී තිබේ. ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයන් අතරින් කොවිඩ් වයිරසය ආසාදනය වූ පළමු ක්‍රීඩකයා ද ඔහු ය.

මෑතකදී ඔහු සර්බියාවේ ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියකට ක්‍රීඩා කළ අතර, මේ තරගාවලියට ලොව අංක එකේ ක්‍රීඩක නොවැක් ඩිජොකෝවික් සහ ඩොමිනික් තීම් වැනි ක්‍රීඩකයෝ ද සහභාගි වූහ. සමාජ දූරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනයකින් තොරව එම තරගාවලිය පැවැති බව වාර්තා වෙයි.

දිමිත්‍රොව් කොවිඩ් වයිරසයට ගොදුරු වූ බව තහවුරු වීමෙන් පසුව එම තරගාවලියේ ඉදිරි තරග අවලංගු කර ඇත.

“පසුගිය දින කිහිපයේදී මා සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ සියලුදෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ වහාම පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙසයි. මා දැන් නිවෙසේ සිට ප්‍රතිකාර ලබන අතර, එමඟින් අපහසුතාවට පත්වීමට සිදුවූ සෙසු පුද්ගලයන්ට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා”ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයක් සටහන් කරමින් දිමිත්‍රොව් එසේ කියා සිටියේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();