ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම COVID–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ.
“හෙළ රණවිරු බලමුළුව” අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාව රුපියල් 291,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
අදාළ චෙක්පත ඊයේ(12) ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණි.
Amana Bank PLC ආයතනය රුපියල් 1,000,000ක්, Distilaries Company of Sri Lanka ආයතනය රුපියල් 900,000ක් සහ ජේ.බී. චිත්‍රශීලී මහත්මිය රුපියල් 5,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
මේ වන විට ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,378,963,920.06 කි.
චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය.
0 Comments