Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Social Media - අසත්‍ය පැතිරවූ 7ක් අත්අඩංගුවට

කොරෝනා වසංගතය සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ පුද්ගලයින් 7 දෙනෙකු දින දෙකක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 10 වැනිදා සිට ඊයේ දක්වා කළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 10 වැනිදා බෙලිගල හා කටුගස්තොට ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය 11 වැනිදා වැලිමඩ, කඩවත හා රාගම ප්‍රදේශවලදී සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

නොච්චියාගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු, අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 16 කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();