ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු මෙරටට ගොඩබැසීම සඳහා අවසර ඉල්ලා තිබිණි. ඒ, අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින්. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහුට මෙරටට ගොඩබැසීමට අවසර ලබාදිමට තීරණය කර තිබේ.
අනුර හේරත් නම් මෙම සූප වේදියා ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක සඳහන් කළේ ඉන්ධන ලබාගැනීම සඳහා අදාල නෞකාව අද අද කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලාමට නියමිත අතර එහිදී ඔහු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. ජනවාරි 5වන දින මගීන් 2700ක් රැගෙන මෙම නෞකාව ලොවපුරා සංචාරය ආරම්භකර තිබේ. වෛරස් ව්‍යාප්තියත් සමඟම කිසිඳු රටක් සිය වරායන් වෙත මෙම නෞකාව ගොඩ බැසීමට අවසර නොදීනි. ඒ හේතුවෙන් නෞකාව යලිත් ඉතාලිය බලා පිටත්ව යමින් සිටී.
The post අනුරට එන්න දෙයි appeared first on Lanka News Column.
0 Comments