කොස්ලන්ද, පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි හේනක ගසක් උඩ ඇති පැලක සිටි දැරියකට අකුණු සැර වැදී බරපතල තත්ත්වයෙන් වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ඊයේ(17) දහවල් 02.30ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි සදහන් වේ.
මිය ගිය දැරියගේ වයස අවුරුදු 11කි.
මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද(18) සිදු කිරීමට නියමිත අතර කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
0 Comments