#අපි_එනවා.... ඔව් අපි එනවා.
අතිගරු ජනාධිපතිතුමාටත්..
අපි වෙනුවෙන් කැපවුන ත්‍රිවිධ හමුදාවටත්, ඉන්දීයානු මහකොමසාරිස් කර්‍රයාල වලටත් පිං...
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒමට රජය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල සමග සම්බන්දීකරණය කරමින් මේ දිනවල කටයුකතු කරමින් සිටිනවා සිටිනවා. ඒ ලංකාවේ ගුවන්තොටුපොල වසා සියලු ගුවන් ගමන් නවතා දමා ඇති මොහොතකයි.
ඉන්දියාව සම්පූර්ණයෙන් වසා ඇති මොහොතක ඉංදියාවේ උසස් අධ්‍යාපනය ලබන්නට ගිය සිසුන් ලංකාවට රැගෙන එන ලෙස එම සිසුන් වීඩියෝවක් සමාජ ජාලා තුලට නිකුත් කරමින් ඉල්ලා සිටිනු ලැබුවා.
කෙසේ නමුත් අද ඊයේ එවැනි සිසුන් පිරිසක් ඉංදියාවේ සිට ලංකාවට රැගෙන එනු ලැබුවා. ඒ අතර සිටි සිසුවියක් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුනේ මෙලෙසයි .
#අපි_එනවා....
ඔව් අපි එනවා...
ලංකාවේ වෙලාවෙන් 11.25 පිටත් වීමට නියමිත ගුවන් යානයේ සිටයි ලියන්නේ♥️🥺🥺...
හිතාගන්නත් අමාරුයි.....
ලංකා රජයේ අතිගරු ජනාධිපතිතුමාටත්..
අපි වෙනුවෙන් කැපවුන ත්‍රිවිධ හමුදාවටත්, ඉන්දීයානු මහකොමසාරිස් කර්‍රයාල වලටත් බොහෝමත්
අත් පින්♥️🙏.....
හොයල බලපු හැමෝටම ස්තූතියි♥️🥺🥺



0 Comments