Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසාධිතයෙක් හුමුවෙයි - කොරෝණා අවදානමක් - වව්නියාව වසා දමයි

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වව්නියාව දිස්ත්‍රීක්කය වසාතැබීමට පියවර ගෙන ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝණා ආසාදිත නාවික සෙබලා වව්නියාව දිස්ත්‍රීක්කයේ රාජ්‍ය ආයතන ඇතුලු වව්නියාව නගරයේම සැරිසැරීම හේතුවෙන් අද දිනයේදී වව්නියව නගරයේම පූරණ විෂබීජහරණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව දිසාපතිතුමන් කියා සිටියේය.

ඊයේ (27) සවස වව්නියව දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී වව්නියාව වෙළඳසංගමය විසින් කොරෝණා ආසාදිතයෙකු වාර්ථාවීම හා ආසාදිතයා නගරය පුරා සැරිසැරීම යන කරුණු සැලකිල්ලට ගෙන වව්නියාව නගරය අද (28) දිනයේදී වසාතබන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව වව්නියාව දිසාපති කාර්යාලය විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව වව්නියාව නගරසභාව, මහජන සෞඛ්‍ය කාර්යාලය හා පොලීසිය එක්ව අද දිනයේදී වව්නියාව නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලක්ම හා රාජ්‍ය ආයතන පූරණ විෂබීජහරණයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();