Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය කඩා වැටේ - ජපානයත් අවදානමක

බි‍්‍රතාන්‍ය මෙන්ම ජපානයද සෞඛ්‍ය සේවකයින් කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානය තුළ දිගින් දිගටම කොරෝනා රෝගීන් වැඩි වුවද එරට සෞඛ්‍ය පද්ධතිය ඒ සදහා සූදානම් නොමැති බවයි.

ඒ අනුව වෛරසයට මුහුණදීමේදී ඉදිරියේදී ගැටළු මතුවිය හැකි බවටද අනතුරු අගවා ඇත.

ඉකුත් සතියේදී සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර තිබුණේ සමාජ දුරස්ථභාවය ඇති නොකළහොත් ජපානයේ කොරෝනා මරණ ලක්‍ෂ හතරේ සීමාව ඉක්මවා යා හැකි බවයි. 

ජාපනයෙන් මේ වනවිට කොරෝනා රෝගීන් 9,787 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 190 ක්.

බි‍්‍රතාන්‍යයෙන් අද වනවිට කොරෝනා රෝගීන් එක් ලක්‍ෂ 8,692 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 14,576 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සියළු ගුවන් මගීන් ලබන සදුදා සිට මුහුණු ආවරණ පැළදිය යුතු බවට වූ නව නීතියක් හදුන්වාදීමට කැනඩාව අද තීරණය කලේය.

මේ අතර කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් නයිජීරියානු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීමේ මීළග කේන්‍ද්‍රස්ථානය අපි‍්‍රකාව බවට පත්විය හැකි බවයි.

එසේ වුවහොත් අවම වශයෙන් ලක්‍ෂ 3 ක් මියයනු ඇති බවටත් මිලියන 30 ක් දරිද්‍රතාවයට පත්වනු ඇති බවටත් අනතුරු අගවා ඇතැයි ද සදහන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();