කුරුණෑගල දිස්ත්‍රික්කයත් අවධානමේ .
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට හඳුනාගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව බව වාර්තා වේ . ඒ අනුව
අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇත.
ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .
The post කුරුණෑගල දිස්ත්‍රික්කයත් අවධානමේ . appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments