Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරිනීති උල්ලංඝනය කර ඇල්ලූ වාහන තත්ත්වය පහ වන තෙක් දෙන්නේ නෑ

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ඇඳිරිනීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සමඟ පොලිස් බාරයට ගන්නා කිසිඳු වාහනයක් පවතින තත්ත්වය පහව යනතුරු හිමිකරුවන්ට ලබා නොදී පොලිස් බාරයේ තබා ගැනීමට තීරණය කර ඇතැයි පොලිස් නීති කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙවන් තීරණයකට පොලිසිය එළඹ ඇත්තේ ඇඳිරිනීතිය පවතින කාලය තුළ පොලිසියේ අවවාද පිළිනොගන්නා ඇතැම් පිරිස් දිගින් දිගටම ඇඳිරිනීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසාය. ඒ අනුව ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇතැයි ඒ් මහතා පැවැසීය.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ආරක්ෂක පියවරක් ලෙස ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ ඉකුත් 20 වෙනිදා සිට ඊයේ (01) දක්වා ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 9,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අය සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති වාහන ප්‍රමාණය 2,000කට වැඩිය. පොලිස් මූලස්ථානයේ දත්තයන්ට අනුව ඊයේ අලුයම 6.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 1,093 දෙනෙකි. පොලිස් බාරයට ගෙන ඇති වාහන ගණන 310කි.

මේ අතර කොළඹ නගරය තුළ ද ඇඳිරිනීතිය උල්ලංඝනය කිරන පුද්ගලයන් අත්අඩඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා සඳහන් කළේ ඇඳිරිනීතිය උල්ලංඝනය කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් යතුරු පැදි බළකායක් යොදා ඇති බවයි. එම යතුරු පැදි බළකාය විසින් ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 195 දෙනෙක් හා වාහන 110ක් අත්අඩංගුවට ගනු ලැබූ බව ද ඒ මහතා පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();