Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ තොරතුරු

ඊයේ (28) හඳුනාගත් නව කොරෝනා වෛරස් ආසාධිතයන් 31 දෙනා අතුරින් 21 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
ඉන් 13 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුළින්ද 8 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි අයද බව ඔහු සඳහන් කළේය.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ ඔවුන්ගේ සමීපතමයන් 6 දෙනෙකුද වෛරස ආසාධිතයන් බවට ඊයේ දිනයේදී තහවුරු කරගත් බවයි.
 
මේ අතර යුධ හමුදා සාමාජිකයන් 4 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.
 
මේ අනුව දැනට කොවිඩ්-19 ආසාධනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් සහ ඔවුන්ගේ සමීපතමයන් සංඛ්‍යාව 230 කට ආසන්න වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();