දේශපාලනික වුවමනා වෙනුවෙන් රටේ ජනතාවගේ ජිවිත උගසට තබා ගන්නා තීන්දුවලදී වන්දි ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ආණ්ඩුව විසින් ඇඳිරි නීති සීමා ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පලකරන බවයි. එසේම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තවමත් අවසන් නැති තත්ත්වයක් තුළ මේ තීරණ හරහා රට තුළ කොරෝනා වෛරසය ප්‍රභලව පැතිරේවි යන බිය වෛද්‍යවරුන අතර ඇතිව තිබෙන බවද වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි.
“කොරෝනා වසංගත තත්ත්වය තවමත් තියෙනවා. විදේශයන්හි සිට පැමිණි අය සංචාරක කර්මාන්තයේ සේවය කරපු අය තුළින් රෝගය අපේ රට තුළට පැමිණියා. ඉන්දියාවේ වන්දනාවේ ගිය වයසක කාන්තාවන්ට දින 33කට පස්සෙත් මේ රෝගය වැළඳුනා. එවැනි තත්ත්වයකින් අපිට කියන්න පුළුවන් මේ වෛරසය තවමත් රට තුළ අවසන් වෙලා නැහැ කියන එක. චීනය තුළ වුනත් මේ වෛරසයේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන් අවසන් වෙලා නැහැ. වූහාන් ප්‍රාන්තය උත්ස්වයකාරයෙන් විවෘත කරා වුවත් ජනතාවට එළිපිට ගැවසීමට අවසර ලබාදී ඇත්තේ යම් යම් සීමා කිරීම් සහිතව.
මැතිවරණය පැවැත්වුවේ නැත්තම් නැවතත් පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුවට ඇති අකමැත්ත නිසා සහ ඔවුන්ගේ දේශපාන බල අධිකාරිය තහවුරු කිරීමේ වුවමනාව මත කොරෝනා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාවලිය නතර කරන බව පේන්න තියෙන්නෙ. සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා වුණත් ප්‍රකාශ කරන්නේ වසංගතය පැතිරීම අවසන් වෙලා නැති බවයි.
ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල් එක්ක සසඳා බැලුවම අප්‍රේ රටේ PCR පරීක්ෂණ කළේ හුඟක් අඩු ප්‍රමාණයක්. ඒ අඩු ප්‍රමාණයට සාපේක්ෂව අපි 250ක් ආසන්න ප්‍රමාණයක් රෝගීන් වශයෙන් තහවුරු කරගෙන ඉන්නවා. මේ රෝගීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ පළමු පෙළ දෙවන පෙළ කණ්ඩායම් පරික්ෂා කළානම් රෝගීන් සංඛ්‍යාව මිට වඩා වැඩිවිය හැකියි. අඩු පරීක්ෂණ ගණනක් කරලා අඩු රෝගීන් සංඛ්‍යාවක් සිටින බව සිතා හිත සනසා ගැනීමක් මේ කරන්නෙ. මේ විදිහට හිත සනසා ගනිමින් මුළු මහත් අසමජයක් අනතුරේ දැමීමක් . මේ විදිහට නීති ඉවත් කරලා ජනතාවට මුහු වෙන්න ඉඩකඩ ලබාදීම හරහා රෝග ලක්ෂණ නැති රෝගීන් හරහා මේ රෝගය මුළු මහත් සමාජයටම පැතිරවීමේ හැකියව ඇති කරනවා.
මෙවැනි තීන්දුවක් ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ දිගින් දිගටම කරන අතරතුර රෝගීන් ගණන අඩුවෙමින් ගොස් රෝගීන් වාර්තා නොවන දින දෙක තුනක් පසුවීමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ඊට කලින් ගන්න උත්සාහ කරනවා. කොරෝනා රෝගීන් වාර්තා වෙන පරිසරයක් මේ තීන්දුව ගැනීම අනුව එක කොරෝනා රෝගියෙක් වාර්තා වුනු මොහොතේ පාසල් පද්ධතිය වැසීමට ගත්ත තීන්දුව මෝඩ තීන්දුවක් විය යුතුයි. විශේෂයෙන් අවසන් කාලයේ වාර්තාවූ රෝගීන් ගේ තිබුණු විශේෂත්වය ඒ ගොල්ලන්ගේ රෝග ලක්ෂණ මුකුත් නැහැ. රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වෙනවා අපි හොයා ගත්තත් නැතත්. රෝග ලක්ෂණ නැති කෙනෙක් බලහත්කාරයෙන් පරික්ෂා කරලා තමයි තහවුරු කරගන්න වෙන්නෙ. එහෙම නොවන පරිසරයකදී රෝග ලක්ෂණ නැති රෝගීන් හරහා විශාල පිරිසකට රෝගය පැතිරෙන්න පුළුවන්.” යයි පවසා ඇත .
The post මේක වැරදි තීන්දුවක්. appeared first on Lanka News Column.
0 Comments