දේශ සිමාවන් නැති යුරෝපය රාජ්‍යයන් හැටියට පමණක් නොව එම රටවල ජිවත් වන සෑම පුද්ගලයකුම ලෝකය සමග පවත්වන සම්බන්ධකම් අධිකය. ලෝකයේ ඕනෑම රටක මිනිසෙක් කැමැත්තෙන් ජීවිතය සොයන්නේ යුරෝපය තුළය. යුරෝපය කෙනෙකුට මෙතරම් ආකර්ශනීය වීමට හේතු අතරින් ආර්ථික වර්ධනය එක හේතුවක් පමණි. මානව නිදහස හා රාජ්‍ය හිංසනය අවම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්, නීතියේ ආධිපත්‍යය හා ආගමික නිදහස යන කරුණු යුරෝපය ආකර්ෂණය කරන්නට බලපාන තවත් හේතුය. යුරෝපා සංගමය බිහි විමත් සමඟ රටවල් 28 ක් වෙනුවෙන් ඇති සිමාවන් අවම වීම හා ඒ තුළින් එක්තරා දුරකට කාර්යක්ෂම ආර්ථික සංගමයක් බිහි කරගැනීමට යුරෝපය සමත් වීමත් සමග ලෝකයේ ඉතා ශක්තිමත්ම ආර්ථික ඒකකය යුරෝපය වශයෙන් යම් තරමකින් පිළිගැනීමට සිදුව තිබේ. මේ පුර්විකාව සමඟ අපි යුරෝපා සංගමයේ හදවත ලෙස සැලකෙන ජර්මනිය ගැන යමක් කියවමු.
කොවිඩ් 19 සහ ජර්මනිය
ජර්මනිය පෙඩරල් රාජ්‍ය 16 කින් යුත් ජනරජයකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවේ මැදිහත් වීම මත බිහිවුන නැගෙනහිර ජර්මනියේ බිඳ වැටීමත් සමග එක්වූ ජර්මනියේ, බටහිරට අයත් පෙඩරල් රාජ්‍යයන් තරම් එම අලුත් එක්වූ පෙඩරල් රාජ්‍යයන් කාර්මිකව හෝ ආර්ථිකව ශක්තිමත් නැත. සෑම පෙඩරල් ඒකකයටම අයිති කටයුතු අතර අධ්‍යාපනය, සෞඛ්‍ය හා සංචාරක කටයුතු වැදගත් තැනක් ගනී. තම පෙඩරල් වල ඇතිවන හදිසි ආපදා තත්ත්ව වලදී කටයුතු කරන්නේ ප්‍රාන්ත රජයයි.
ජර්මනිය; නව කොරෝනා හෙවත් අර්බුදය ජාතික කාර්යක් ලෙස සලකමින් ජනවාරියේ සිටම මැදිහත් විය. සංචාරකයන් හා චීනයේ සිටින ව්‍යාපාරිකයින්ට මෙන්ම ශිෂ්‍යන්ටද මව් රටට එන ලෙසට ආරධනා කරනු ලැබූ අතර විශේෂිත ගුවන් කාල සටහන් ක්‍රියාත්මක විනි. ඒ පැමිණෙන සෑම කෙනෙකුටම ක්‍රමවේදය මගින් නිරෝගී බව තහවුරු කර ගැනීමට පහසුකම් සැලසිණි. චීනය තාවකාලිකව ව්‍යාපාර හා අධ්‍යාපන මෙන්ම සංචාරය සඳහා යෝග්‍ය බවට ජර්මන් විදේශ කටයුතු අමාත්‍යංශය ජනවාරියේදී නිවේදනය කළේය.
වෛරසය ගැන අමතර ඉගැන්වීම්
සියලුම පෙඩරල් ප්‍රාන්තයන් ජනවාරියේදීම ළදරු පාසලේ සිට ඉහල ශ්‍රේණිය දක්වාම වෛරසය පිලිබඳ අමතර විෂය කොටසක හදිසියේ ඇතුලත් කරනු ලැබුණි. එය ඉතා සම්පුර්ණ එකක් වූ අතර සෞඛ්‍ය පුරුදු හා සමාජ සම්බන්ධතා පැවැත්වීම ගැන ඉතා හොඳින් දරුවන් දැනුවත් කොට තිබුණි. පාසැල් සම්පුර්ණයෙන්ම වසා තැබීමට මාර්තුවේ තීරණය කළ අතර අත්‍යවශ්‍ය සේවාහි සියලුම වෘත්තිකයින් ට නිවසේ සිට රාජකාරි කිරීමට හෝ රාජකාරි නිවාඩු ලැබුණි. ළදරු පාසල් හා පාසල් වැසීම නිසාත්, වැඩිහිටියන් සමඟ සමබන්ධතා පැවැත්වීම සිමා කිරීමට සිදුවීම නිසාත් තනි මව්වරු හා පියවරු ඉතා අසීරුවකට පත්වුවත් තත්වය තේරුම් ගත් පුරවැසියන් සිටින රටක වටිනාකම් පෙන්වමින් ඔවුන් මැසිවිලි නැගුවේ නැත.
අහාර අතුරුදහන් වීම
ජර්මනියේ ආහාර රැස්කර තබා ගැනීම ලෝක යුද්ධයෙන් පසු සම්ප්‍රධායක් බවට පත්ව තිබේ. ඕනෑම ජර්මානු ජාතික නිවසක සති දෙකක වත් අහාර අතිරික්තයක් ගබඩා කර ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් ආහාර රැස්කිරීම නිතර සිදු විනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උදෑසනම වෙළඳ සල් වලින් අතුරුදන් විය.
නිවසට වී සිටීම හා සෞඛ්‍ය ආරක්‍ෂිත ලෙස ජිවත් වීමට ඔවුන් සැනෙකින් හුරු විය. සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ රෝගය ගැන ඉතා සංවාදාත්මක දැනුවත් කිරීම් කෙරිණි. වෙළඳ සල්වල අයකැමි ආවරණය වන පරිදි විනිවිද ආවරණ බිහි වූ අතර නෝට්ටු හා කාසි භාවිතය වෙනුවට කාඩ් පතින් මුදල් අය කිරීම අනිවාර්ය කළ ව්‍යාපාරද තිබේ.
සමාජය හා රාජ්‍ය එකට එක්වී කොරෝන මැඩ ගැනීම වෙනුවෙන් ලොකු උත්සාහයක යෙදෙන බව වැටහුනත් ජර්මනිය තුළ අද වන විට අනූහයදහසක් ඉක්මවූ ආසාදිතයෝ සිටිති. 23000ක් පමණ සුවවී ඇත. මියගිය ගණන 1446කි. එහෙත් රජයක් ලෙස මෙය වැළක්විය යුතුව තිබුණා නොවේදැයි අසන තරමට එය ඉහල අගයකි.
ජර්මනියේ දේශ සීමා
ජර්මනිය ලෝකයේ සියලුම රටවල් සමග හා භෞමික වශයෙන් යුරෝපය හා ආසියාව මෙන්ම බල්කානය සමඟද සම්බන්ධය. දේශ සිමා වැසීම හෝ ගුවන් තොටුපල වැසීම යනු යුරෝපා සංගමයේ ජන ජිවිතයට අභියෝගයකි. ලෝකය පුරාම ව්‍යාපාර හා අධ්‍යාපන මෙන්ම සංචාරකයන් ලෙස ගිය තම පුරවැසියන් ආපසු රටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඔවුන් වෙනම ගුවන් යානා යොදවයි. ශ්‍රී ලංකාව වැනි දුපතක් පවා නොකරන දේශ සිමාවන් වැසීම ජර්මනිය ට කිසිසේත්ම කළ නොහැක. අධිවේගී මාර්ග පද්ධතිය මුළු මහත් යුරෝපයේ ජන ජීවිතයට අවශ්‍ය දෑ ප්‍රවාහනය කරයි. මේ මොහොත ඔවුනට අභියෝගයකි. ඒ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම හා කොරෝනා ජය ගැනීම යන එකිනෙකට ගැටෙන අරමුණු සපුරා ගැනීමය.
රජය මෙවන විට ආර්ථිකය වෙනුවෙන් අතුරු අයවැයක් සම්මත කරගෙන සුළු මාධ්‍ය හා හා මහා පරිමාන ව්‍යාපාරිකයන්ගේ සේවක හා අනෙකුත් වියදම් වෙනුවෙන් මුදල් ලබා දෙයි. රැකියා විරහිත හා අපේක්ෂාවෙන් සිටින සියලුම දෙනා පෙර පරිදිම සමාජ ආරක්ෂණ හා රැකියා බැංකුවේ මුදල් මගින් ජිවත් කරයි. වියයුතු ලෙසම රජය ජනතාවගේ ආර්ථිකයේ බර දරාගෙන ඇත. එය ජනතාවට සහනයකි.
ජර්මනියේ සෞඛ්‍යය
ජර්මනියේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෛරස රෝගයන් වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරයි. 1918-1920 ස්පාඤ්ඤ වෛරසයට මුහුණ දුන් ජර්මනියේ වාර්ෂිකව වෛරස වලට එරෙහි එන්නත් කිරීම් සාමාන්‍ය දෙයකි. ජනතාව සමඟ ඍජුව කරන රැකියාවලදී වෘත්තිකයනට එන්නත් නියම කිරීමක් පවා සිදුවේ.
අනෙක් අතින් වසර 1100 ක් ඉතිහාසයේ යුද්ධ 12000 ක් හා ලෝක යුද්ද දෙකක හිමි කරුවන් ලෙස ජර්මන් සමාජ දේශය තුළම ආපදා කළමනාකරණය ගැන අත්දැකීම් තිබේ. මේ සියල්ලටම වඩා ජර්මනිය ලෝකයේ ඖෂධ හා වෛද්‍ය උපකරණ නිපදවීමේ ඉහලම තැන පසුවෙයි. මේ හැකියාව වර්ධනය වීම හා පාලනය වීම සිදුවන්නේ රෝබෙර්ට් කොහ් (Robert Koch institute) පර්යේෂණ ආයතනයේ අධීක්ෂණය යටතේය. මේ ව්‍යසනයේදීද එම ආයතනය ආණ්ඩුවට ,ප්‍රන්තරාජ්‍ය වලට මෙන්ම සෞඛ්‍ය පදධතියේ ද උපදේශකයාය. රටේ තත්වය ගැන මාධ්‍ය මගින් දැනුවත් කරමින් නිල දත්ත හා උපදෙස් ප්‍රකාශ කරන්නේ එම ආයතනයයි. කට කතා හා බොරු ප්‍රචාර වලට ඉඩක් නැත. විනිවිදභාවය සහතිකය. රොබර්ට් කොහ් ආයතනයේ අධීක්ෂණය යටතේ cura vec සමාගම මේ වනවිට කොවිඩ් 19 සඳහා එන්නතක නිපදවමින් සිටියි. එය පරීක්ෂණ මට්ටමේ පවතින අතර ඔක්තෝබරය වන විට ජනතාවට එන්නත් කිරීම ආරම්භ කළ හැකි බවට කියවේ.
ජනගහනයෙන් 70%කට වැළදේවී
මෙතෙක් වෛරස වල පැතිරීම ගැන කරන ලද විශ්ලේෂණයේදී රොබර්ට් කොහ් ආයතනය පවසන්නේ වසර 2 ක් තුළ කොරෝනා වෛරසය මුළු ජනගහනයෙන් 70% කට පමණ වැළඳිය හැකි බවය. එබැවින් එය අවම කරගැනීමට හා හානි අවම කර ගැනීමට අවශ්‍ය සියළු පියවරයන් හා නිර්දේශ ඔවුහු ඉදිරිපත් කරමින් සිටිති.
ජර්මනියේ සියලුම පුද්ගලයන් සෞඛ්‍ය අරක්ෂණයකට දායක වන නිසා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රෝගීවීම වැලකීම එම රක්ෂණයන්ගේ අරමුණයි. එම නිසාම රක්ෂණයන් විසින් කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම වෙනුවෙන් ඉහල ආයෝජනයන්හි යෙදි සිටියි.
ජාත්‍යන්තර මිත්‍රත්වය
මේ සියල්ල මැද ජර්මනිය ප්‍රංශයේ හා ඉතාලියේ කොරෝනා රෝගීන් ගේ සුවය වෙනුවෙන් කටයුතු කරයි. එම රටවල ජාතිකයින් ජර්මනියේ කෙටි කාලින පදිංචිකරුවන් වුවද ප්‍රතිකාර කරනු ලබයි. එක් ප්‍රංශ ජාතික කොරෝනා රෝගියකුට කොරෝනා අසාධනය වී ඇති බවට පණිවිඩය ලැබුණේ ප්‍රංශය බලා යන අධිවේගී දුම්රියේදී ය.දුම්රිය නියාමක වරයාට ඔහු ඒ බව දැනුම් දී තිබේ. ඊළඟ ආසන්නතම නැවතුමට දුම්රිය ලඟා වන විට ඔහු රෝහල් ගත වීමට අවශ්‍ය සියලු දේ සුදානම් වී තිබුණි.
ජර්මනිය වැනි සංවර්ධිත රටක තත්වය හා ශ්‍රී ලංකාව වැනි රටක වෙනස අප වටහ ගත යුතුය. එහෙත් අප රට තුළ සංවර්ධනයේ බලය සහ හැඩය වෙනස් නොකර ගන්නේනම් කොවිඩ් 19 අවසානයේ ද එකිනෙකාට වෙනස්කම් කරන සැකය මත මිනිසුන් ඉරිගසා බෙදන සමාජයක් පමණක් අපට ඉතිරි වනු ඇත.
ටිකිරි සුභාෂිණි විප්ෆ්ලර්
The post කොරෝනා සහ ජර්මනිය appeared first on Lanka News Column.
0 Comments