කොරෝනා අවදානම රටෙන් පහව ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කරන වාර්තා වල නිවැරදි භාවයක් නැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍යවරයා:
'ශ්‍රි ලංකාවෙන් කොරෝනා අවධානම පහව ගොස් ඇති බවට, ප්‍රකාශ කළ බවට අද දින ප්‍රධාන පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස සටහන් වෙලා තියෙනවා. මේ ශිර්ෂ පාඨය ප්‍රධාන වශයෙන්ම වැරදි සහගතයි.
නමුත් එහි අභ්‍යන්තරය කියවන විට පැහැදිලි වෙනවා මේ කරනු ලැබූ ප්‍රකාශය කුමක්ද කියන එක. ඇත්ත වශයෙන්ම ගතහොත් මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පිළිබඳව ප්‍රජා පැතිරීමක්, සමාජ පැතිරීමක් එහෙමත් නැත්නම් Social Transmission තත්ත්වයක් ඇත්තේ නැහැ.
එය ඇත්ත වශයෙන්ම ඒ කියන Clustersවලට සීමා වෙලා තියෙනවා. ඒ සීමා වීම ඇති කරනු ලැබුවේ දිගින් දිගටම ගනු ලැබූ ක්‍රියා මාර්ග ඔස්සේ. එතකොට මේ තත්ත්වය තුළ අපට කියන්න බෑ කොරෝනා අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව.
ඒ පුවත්පතේම ඒ සටහනේ සඳහන් වෙනවා කොරෝනා අවධානම සම්බන්ධයෙන් ඉදිරියටත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු සියලු අංශ ගෙන යන වැඩපිළිවෙළ දිගටම රැගෙන යන බවට. එය නිවැරදියි.
ඒ අනුව අප විසින් ගෙන යනු ලැබූ වැඩපිළිවෙල මේ රට විවෘත වීමක් ඇති වුවද දිගින් දිගට පවත්වාගෙන යා යුතු වෙනවා, මොකද මේ අවධානම තව දුරටත් පවතින බැවින්. කෙසේ වෙතත් අපට ප්‍රකාශ කරන්න පුලුවන් මේ රටේ කොවිඩ් 19 තත්ත්වය මේ වන විට පාලනයට නතු කර ඇති බව.
ඒ පාලනයට නතු කිරීම යන්නේන් අදහස් වන්නේ අවධානම නැත කියන එක නොවේ. අවධානමක් පවතිනවා. නමුත් මේ පවතින පාලනය තව දුරටත් ගෙන යාමේන් මේ කියන අවධානම් තත්ත්වය සම්පූර්ණයෙන් ඉදිරියට පහ කර ගැනීම යම්කිසි කාලයක කාලසීමාවක් තුළ අපට හැකියාව ලැබෙයි'
0 Comments