Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රංශ යුද නෞකාවක ආසාදිතයන් දහසක්

ප්‍රංශයට අයත් චාල්ස් - ඩි - ගෝල් ගුවන් යානා හාරක යුද නෞකාවේ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැන් අනාවරණ වී තිබේ.

නෞකාවේ සිටි 2300කට අධික නැවියන් අතරින් 1081 දෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති අතර තවත් 300කගේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත බව සඳහන්.

එම ආසාදිතයන් අතරින් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

තවත් 545 දෙනෙකුගේ ආසාදන තත්ත්වය අධීක්ෂණයට ලක් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම යුද නෞකාව පසුගිය මාසයේ ප්‍රංශයේ බ්‍රෙස්ට් අත්ලාන්තික් වරායට පැමිණි අතර, අවදානම් තත්ත්වය නොතකා නැවතත් සයුරු සංචාරයක නිරත විය.

ප්‍රංශ මාධ්‍ය චෝදනා කළේ චාල්ස් - ඩි - ගෝල් නෞකාවේ ඇති වී තිබෙන්නේ ඇමරිකානු තියඩෝර් රූස්වෙල්ට් යුද නෞකාවට සමාන තත්ත්වයක් බවයි.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ඇමරිකානු යුද නෞකාවේ කපිතාන්වරයා තත්ත්වය විවේචනය කරමින් ආධාර ඉල්ලා නාවික හමුදා ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් හේතුවෙන් ඔහු තනතුරෙන් පහ කෙරිණ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();