Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවේ තීරණයට විරෝධය.

ලබන මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධය පළ කරමින් සිටී.

මීට පෙර රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාරය අප්‍රේල් මස 20 වන දා ආරම්භ කිරීමට නියමිතව පැවතිය ද, රට තුළ පවත්නා කොරෝනාවෛරස් තත්ත්වය සැලකිල්ලට ගෙන එය මැයි 11 වන දා දක්වා කල් දැමිණි.

කෙසේ වෙතත්, මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමේ තීරණයට විරෝධය පළ කරන පාර්ශව නගන ප්‍රධාන කරුණක් වන්නේ, “කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව යළිත් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ පාසල් ආරම්භ කිරීම අවදානම්සහගත,” බවය.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ‘ජාතික හඬ’ නමැති සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ද යොමු කර ඇත .

‘පාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස සිදු කරන ඉල්ලීම’ යන මාතෘකාව යටතේ යොමු කළ එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය යළි සලකා බලන ලෙසය.

පාසල් විවෘත කරන්නේ නම් සියලු සිසු සිසුවියන්ගේත්, දෙමාපියන්ගේත්, ගුරුවරුන්ගේත්, අධ්‍යාපන සේවා සපයන්නන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන යෝජනා 6ක් එම ලිපියෙහි අන්තර්ගත විය.

  1. දිවයිනේ සියලු ම පාසල් නැවත විවෘත කිරීම සිදු කළ යුත්තේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් විසින් ඉතා විනිවිදභාවයකින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අදාළ සියලු ම පාර්ශවකරුවන් විසින් දරුවන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිත ලෙස වැඩ කටයුතු පවත්වාගෙන යාමට අවශය පරිසරය පිළිබඳ සහතික වෙමින් සිදු කරන ලද සාමූහික එකඟතාවක් මත පදනම්වය.
  2. ප්‍රමුඛතා පදනමක් මත පාසල් නැවත විවෘත කිරීමේ ශක්‍යතාව/හැකියාව තක්සේරු කිරීම.
  3. COVID-19 වසංගත තත්ත්වයන් මැඩ පැවැත්වීමේ කාල සීමාව තුළ අධ්‍යාපන අංශය තුළට විවිධ උපදේශනයන් ලබා දෙන විවිධ කුසලතා සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා සංවර්ධනය, ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම.
  4. මෙම අර්බුදකාරී කාල සීමාව තුළ විවිධ රටවල් විසින් සාර්ථකව අනුගමනය කරන ලද විකල්ප අධ්‍යාපන ක්‍රම හඳුනා ගනිමින්, දිවයිනේ සියලු ම පාසල් නැවත විවෘත කරන තුරු විකල්ප මාධ්‍ය ඔස්සේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම.
  5. පාසල් ආරම්භ කිරීමේ දිනය වන විට, වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩපණ වූ කර්මාන්තයන්හි සේවය කරන, මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙන දෙමාපියන්ගේ දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් සැකසීම.
  6. අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ අංක 12/2016 ක්‍රියාත්මක කරමින්, මානසික සහ ශාරීරික හිංසනයෙන් තොර අධ්‍යාපනික අත්දැකීමක් දරුවන්ට ළඟා කිරීමට කැප වීම සහ ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, ආගම පිළිබඳ කිසිදු වෙන් කොට සැලකීමකින් තොරව ආරක්ෂිතව දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති  දැක්වූ ‘ජාතික හඬ’ ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක  සදහන් කර ඇත්තේ , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වන තුරු පාසල් ආරම්භ කිරීම නොකළ යුතු බවය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්  සදහන් කර ඇත්තේ : “ලංකාවේ බුද්ධිමතුන්, ඒ වගේ ම අධ්‍යාපනඥයින්, විවිධ පාර්ශව, දෙමව්පියෝ, වෘත්තීය සමිති, සියලු ම දෙනා ඉල්ලීමක් කරල තියෙනව රජයෙන් පාසල් නැවත විවෘත කිරීම මැයි 11 දිනය සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියල,” යනුවෙන් පවසා ඇත.

“මොක ද, දැනට රටේ මේ තියෙන තත්ත්වය තුළ හතලිස් තුන් ලක්ෂයක් ළමයි පාසල් පද්ධතියට නිරාවරණය කිරීම තුළ සම්පූර්ණයෙන් ම රටේ ළමයින්ගේ ජීවිත අනතුරේ හෙළනව වගේ ම දෙමාපියන් තුළ ජනතාව තුළ මේ රෝගය පැතිරීමට සම්පූර්ණයෙන් අවකාශයක් සැලසීම තමයි මේකෙන් වෙන්නේ.”

ගුරුවරුන්ගේ අදහස්

තිලිණි රොද්‍රිගු කොළඹ ප්‍රධන  පාසලක සංගීත ගුරුවරියකි. මැයි 11 වන දා පාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇය අදහස් දක්වා ඇත්තේ මෙසේය

“මම නම් හිතන්නේ පාසල් ආරම්භ කරන්න කලින් සෞඛ්‍ය අංශවලින් නිසි නිර්දේශයක් ගත යුතුයි. එහෙම නොකළොත් පාසල් ළමයි විතරක් නෙවෙයි, ගුරුවරුනුත් අවදානමකට වැටෙන්න පුළුවන්. මේ තත්ත්වය සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු පාසල් ආරම්භ කරන්න එපා කියන එකයි මගේ ඉල්ලීම,” ඇය පවසයි .

මේ අතර, මාතලේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක ලෙස සේවය කරන උදානි බණ්ඩාර ද  අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ , පාසල් ආරම්භ කිරීමට පෙර කොරෝනාවෛරසය ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කළ යුතු බවය.

“පාසල් වහල තියෙන එකෙන් ළමයින්ගෙ අධ්‍යාපන කටයුතුවලට යම් පාඩුවක් සිද්ධ වෙනවා. ඒත් මේ වෙලාවේ ළමයින්ගේ අධ්‍යාපනයට වඩා ඔවුන්ගේ ආරක්ෂාව තමයි වැදගත් වෙන්නේ. අපි පුළුවන් විදිහට ඉන්ටර්නෙට් හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒත් ඊට අවශ්‍ය පහසුකම් නැති දරුවන්ට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් වෛරසය ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන් පාලනය කරන තුරු පාසල් ආරම්භ කරන එක අවදානමක්,” උදානි බණ්ඩාර පැවසීය.

මේ පිළබදව  අදහස් දක්වා සිටින  දෙමාපියන් කිහිප දෙනෙකු ද ප්‍රකාශ කළේ, පාසල් ආරම්භ කළ ද සිය දරුවන් පාසල් යැවීමට බියකින් පසුවන බවය.

(BBC ඇසුරෙනි )

The post ආණ්ඩුවේ තීරණයට විරෝධය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();