Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය යළි පැනවීමට හේතුව යුද හමුදාපති කියයි

රටේ ජනතාව ආරක්‍ෂා කර ගැනීමේ අරමුණ ඇතිව ඇඳිරි නීතිය පැනවීම සංශෝධනය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(30) උදෑසන සදහන් කළේය.
 
විවිධ ප්‍රදේශවල නාවික හමුදා රණවිරුවන් නිවාඩු ගොස් සිටි බැවින් ජනතාව යම් සැකයකින් සිටින බැවින් එය ද මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් ඔහු සදහන් කළේය. 
 
කෙසේ නමුත් නාවික හමුදාව පමණක් නොව ත්‍රිවිද හමුදාවෙම අවශ්‍ය කරන හා සැක සහිත සියලු දෙනා දැනට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙන බවත් වෛරසය පැතිරයාම වළක්වාගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය. 
 
අද(‍30) රාත්‍රී 08.00 සිට මැයි මස 4 වනදා උදෑසන 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
 
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇදිරි නීතිය අද උදෑසන 05.00 ට ඉවත් කෙරුණි. එම දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 08.00 ට යළි ඇඳිරි නීතිය පැනවෙන අතර එය මැයි මස 4 වන සඳුදා උදෑසන 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();