වැලිසර නාවික හමුදා කදවුරේ සිට බලන්ගොඩ ප්‍රදේශයට නිවාඩුවට පැමිණි නාවික හමුදා නිළධාරීන් තිදෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල වෙත අද (25) දා යවා ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
එම කඳවුරේ සිට නාවික සෙබළුන් හතර දෙනෙකු බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොටිඨාශයට මිට දින තුනකට පෙර පැමිණි ඇති බවත් එලෙස පැමිණි තවත් නාවික සෙබළකු ස්වයං නිරෝධනයට ලක් කර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන් කියති.
එම නාවික සෙබළුන් සමග සමිපව කටයුතු කල පුද්ගලයන් තිහක් පමණ මෙි වන විට ස්වයං නිරෝධනයට ලක් කර තිබෙි.
බුලත්ගම ,බටුගමිමන ,බෝවත්ත , මොළමුරේ යන ප්‍රදේශවල පුද්ගලයන් මෙලෙස නිරෝධනයට ලක් කර ඇත.
මෙිි අතර ඉඔුල්පේ නෙල්ලිවෙල ප්‍රදේශයේ ස්වයං නිරෝධනයට ලක් කර සිටි වැලිසර නාවික සෙබලා සෙබළකුද අද (25) පි.සි.ආර්. පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල වෙත යවා ඇත.
– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන


0 Comments